USD ද? BRICS ද? තීරණය අනාගතයේ .

මොකද්ද මේ BRICS   කියන්නේ ?


BRICS යනු ආර්ථික, දේශපාලනික සහ සමාජ සහයෝගීතාව ශක්තිමත් කිරීම, තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය, IMF සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර පාලන ආයතනවල ප්‍රතිසංස්කරණ සඳහා පෙනී සිටීම අරමුණු කරගත්, ප්‍රධාන වශයෙන් ගෝලීය දකුණු ජාතීන් අතර දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධීකරණය සඳහා සංසදයක් ලෙස ක්‍රියාකරයි.

BRICS මුදල් ඒකකයක් යනු (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව) රටවල් සමූහය විසින් ඇමරිකානු ඩොලර් (USD) මත යැපීම අඩු කර ගෝලීය මුදල් පද්ධතියේ විවිධත්වයක් ගෙන ඒම සඳහා හඳුන්වා දෙන ලද නව මුදල් ක්‍රමයකි.

පසුගිය වසර කිහිපය තුළ BRICS බලවේගය වර්ධනය වෙලා තිබෙන අතර, මේ සංගමය තමන්ගේම සමූහ මුදලක් හෝ ගෙවීම් පද්ධතියක් හඳුන්වා දෙන එක ගැන දැඩි ලෙස කතා කරමින්සිටී.

 

BRICS මුදල් ඒකකයක් හදන්නෙ ඇයි?

ලෝක වෙළඳාම සහ ආර්ථිකය අද මුළුමනින්ම ඇමරිකානු ඩොලර් මත රඳා පවතිනවා. බොහෝ රටවල්ට, විදේශ වෙළඳාම කරන්න ඕනේ නම්, ඩොලර් අත්යවශ්යයි. BRICS රටවල් කියන්නේ —“අපේ ආර්ථික බලය ඉහල යනවා. ඩොලර් මත අපේ ආර්ථිකය පාලනය වෙන්න අපට අවශ් නෑ.” නිසා තමන්ගේම මුදලක් හෝ ඩොලර් වලට  විකල්පයක් හදන්න උත්සාහ කරනවා.

                                                                                                                     

                                                                                                                                

                               (       BRICS මුදල් නෝට්ටුවක්  )



BRICS මුදල් පද්ධතියේ අරමුණු

BRICS රටවල් පහ ගෝලීය මුදල් පද්ධතියේ ඇති ඇමරිකානු ඩොලර් (USD) ආධිපත්යය අඩපණ කිරීමට උත්සාහ කරයි. ඔවුන්ගේ ප්රධාන අරමුණු වන්නේ:

1.     ඩොලර් මත යැපීම අඩු කිරීමවෙළඳාම් සහ ණය ගෙවීම් සඳහා ඩොලර් වෙනුවට දේශීය මුදල් හෝ නව මුදල් භාවිතය.

2.     ගෝලීය මුදල් ගණුදෙණුවේ විවිධත්වයIMF සහ ලෝක බැංකුව වැනි බටහිර-පාලිත ආයතන වලින් ස්වාධීන වීම.

3.     ආර්ථික ස්ථාවරත්වයඩොලර් අවප්රමාණය, රාජ් සංක්රමණ සහ ගෝලීය ආර්ථික අර්බුද වලින් ආරක්ෂා වීම.


BRICS
මුදල් වල වර්තමාන භාවිතය

BRICS රටවල් දැනටමත් ඩොලර් වෙනුවට තමන්ගේ මුදල් වලින් වෙළඳාම් කිරීමට පියවර ගෙන ඇත.

1. දේශීය මුදල් හුවමාරු ක්රම (Local Currency Settlement)

චීනය සහ රුසියාව ඩොලර් භාවිතයෙන් තොරව තමන්ගේ මුදල් වලින් වෙළඳාම් කරයි. ඉන්දියාව සහ රුසියාව රූබල්-රූපියල් හුවමාරු ක්රමයක් භාවිතා කරයි.

2. නව BRICS මුදල් යෝජනාව

BRICS රටවල් නව පොදු මුදල් ක්රමයක් හඳුන්වා දීමට සූදානම් වෙමින් සිටී. මෙය ඩොලර් ආධිපත්යයට ඇති තරඟකාරී විකල්පයක් විය හැකිය.

 

 BRICS එකේ නව මුදල් ඒකකය , නිසා USD (ඇමරිකානු ඩොලර්) මත ඇතිවිය හැකි බලපෑම්


1.  අද ලෝක වෙළඳාමෙන් බොහොමයක්විශේෂයෙන් තෙල්, වායු, භාණ්ඩUSD වලින් ගෙවීම් කරනවා. BRICS රටවල් (ඉතාමත්ම විශේෂයෙන් චීනය, රුසියාව, ඉන්දියාව) BRICS මුදල් භාවිතා කරලා ගනුදෙනු කළොත්, USD වෙළඳාමේ අවශ්යතාව අඩු වෙයි.

2.     විනිමය අනුපාත මත බලපෑම USD සඳහා අවශ්යතාව අඩු වීම දිගු කාලීනව අගය පහළ යා හැකි. ඇමරිකාවට ආනයන වත්මන් වල මිල වැඩි වීම, ප්රසාරණය (Inflation) වැඩි වීම වැනි අවදානම් තියෙනවා.ඒත් USD තවමත් ඇමරිකානු ආර්ථිකය, යුද්ධ බලය, සහ ගෝලීය විශ්වාසය මත තියෙන නිසා, හදිසියේම කඩා වැටීමක් නෑ.


ශ්රී ලංකාවට BRICS මුදල් පද්ධතියේ ඇති විය හැකි බලපෑම්

 

ශ්රී ලංකාවට BRICS මුදල් පද්ධතියේ ඇති වාසි

1. ඩොලර් මත යැපීම අඩු වීම

ශ්රී ලංකාව දැනට ආනයන, ණය සහ ජාත්යන්තර ගනුදෙනු සඳහා ඇමරිකානු ඩොලර් (USD) මත බෙහෙවින් රඳා පවතී. BRICS මුදල් පද්ධතිය හරහා චීන යුආන් (CNY), ඉන්දියානු රුපියල් (INR) හෝ නව BRICS මුදල් වලින් වෙළඳාම් කිරීමෙන් ඩොලර් අර්බුදයේ බලපෑම අඩු කළ හැකිය.

 

2. චීනය සහ ඉන්දියාව සමඟ වෙළඳාම් පහසුකම්

ශ්රී ලංකාවේ ප්රධාන වෙළඳ සහකරුවන් චීනය සහ ඉන්දියාව වන අතර, BRICS මුදල් ක්රමය යටතේ දේශීය මුදල් හුවමාරු (Local Currency Settlement - LCS) ක්රමය භාවිතයෙන් ගනුදෙනු පහසු වේ. මෙය ඩොලර් හුවමාරු ගාස්තු අඩු කරන අතර, වෙළඳාම් ඵලදායීතාවය වැඩි කරයි.

 

3. ණය ගෙවීම් සහ ආර්ථික ස්ථාවරත්වය

ශ්රී ලංකාව IMF, ලෝක බැංකුව සහ බටහිර ණය ලබාදන්නන් මත රඳා පවතී. BRICS රටවල් විසින් නව මූල් ආධාර ක්රම (උදා: නව සංවර්ධන බැංකුව - NDB) හරහා විකල්ප ණය පහසුකම් ලබා දෙන්නේ නම්, ශ්රී ලංකාවට ඩොලර් ආධිපත්යයෙන් මිදීමට හැකියාව ඇත.



Post a Comment

0 Comments